කොට්ඨාස නිර්ණය වුනත් නැතත් මැතිවරණය තැබිය යුතුයි

 කොට්ඨාස නිර්ණය වුනත් නැතත් මැතිවරණය තැබිය යුතුයි

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ නිර්ණය කිරීමේ කටයුතු කුමක් වුවත් මැතිවරණය පැවැත්විය යුතු බව ජාතික සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“සීමා නිර්ණය කමිටුවට එහි රාජකාරිය කිරීමට ඉඩ දෙමින් මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම පෙන්වා දී තිබෙනවා,”

දේශප්‍රිය මහතා කියා සිටියේ සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් වූ පසු මැතිවරණයක් පවත්වන්නේ නම් මැතිවරණය තවත් මාස 6කින් ප්‍රමාද වන බවයි.

“අපගේ රාජකාරි සමඟ, 8,800 ක් පමණ වන පළාත් පාලන ආයතන දැනට සිටින සාමාජිකයින් පෙබරවාරි 20 වන විට 5,100 ත් 5,200 ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩු කළ හැකියි,” ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඉදිරි මැතිවරණයෙන් මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමට ඉඩක් නොමැති බව ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Newspedia 01

Related post