2023 මාර්තු සහ අප්‍රේල් දරුණුතම අඳුරු මාස බවට පත්වෙයි!

 2023 මාර්තු සහ අප්‍රේල් දරුණුතම අඳුරු මාස බවට පත්වෙයි!

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍යකරන ගල් අඟුරු තොග ලබා ගැනීමට නොහැකිවීම නිසාවෙන් ශ්‍රී ලංකාවේ දරුණුතම විදුලි කප්පාදුව 2023 මාර්තු සහ අප්‍රේල් මාසවල සිදුවිය හැකි බව ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ නිහාල් වීරරත්න මහතා පවසයි.

මේ වසරේ වර්ෂාපතනය අඩු වූ බැවින් ජල විදුලි උත්පාදන ධාරිතාව ප්‍රමාණවත් නොවන බවත් තවදුරටත් ගල් අඟුරු තොග ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඒ මහතා පවසයි.

මේ පිළිබඳව මාස කිහිපයක සිටම විදුලිබල මණ්ඩලය දැනුවත් කල බවත් ගල් අඟුරු හිඟ වීමෙන් 2023 වසරේ දරුණුතම අඳුරු මාර්තුව සහ අප්‍රේල් පැමිණෙන බව නිහාල් වීරරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Newspedia 02

Related post