විදුලිබල වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසේ!

විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඉහළ නිලධාරීන්ට ප්‍රසාද දීමනා ලබා නොදී හෝ මණ්ඩලයේ සේවකයන්ට ප‍්‍රසාද දීමා ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
විදුලි බල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා අවශ්‍ය නැතැයි පවසා ඇත්තේ ලියාපදිංචිය වත් නැති පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතියක දෙතුන් දෙනෙක් බවත් වෙනත් කිසිම වෘත්තීය සමිතියක් ඔවුන් සමග එකඟ නොමැති බවද ඒමහත පවසයි.
එසේ නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ රුපියල් බිලියන 140 ක ට ආසන්න පාඩුවක් ලබා ඇති ආයතනයක සේවකයන්ට බෝනස් ලබාදිය නොහැකි බවයි.