වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

 වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදි සම්මත විය. එහිදී පනත්‍ කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමි විය.

මේ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන)පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14 වැනි දින සිට බලාත්මක වේ.

Newspedia 01

Related post