මෙරට ‘ජාතික පුෂ්පය’ හරියටම මොකද්ද හොයන්න රජය සැරසේ!

ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් මෙරට ජාතික පුෂ්පය නිවැරදිව නිශ්චය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරට ජාතික පුෂ්පය මානෙල් මල ද, එසේ නොමැති නම් නිල් මානෙල් මල ද යන්න මෙමගින් සොයා බලන බව පැවසේ.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ සභාපතිත්වයෙන් පැවති අතර එහිදී මෙම කරුණු අනාවරණය වී තිබේ.