නව බිත්තර මිල අධිකරණයට! – බිත්තර සංගම් එකඟ නොවෙයි!

ඉකුත් අගෝස්තු 19 වනදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කරන ලද බිත්තරයක් උපරිම සිල්ලර මිල ඊයේ (14) දින අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.
එමෙන්ම බිත්තරයක නියම මිල අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දුන් අතර අද (15) දින එම මිල ගණන් ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 42ක් ද රතු බිත්තර සඳහා රුපියල් 44ක් උපරිම සිල්ලර මිල නියම කිරීමට තීරණය කළ බව අභියාචනාධිකරණය හමුවේ පාරිභෝගික සේවා අධිකාරිය දැනුම් දෙනු ලැබිණ.
නමුදු එම නව මිල ගණන් වලට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ නොවන බවට අද අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙන ලද අතර එම පෙත්සම විභාගයට ගැනීමට නියම කරන මෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය නඩුව පෙබරවාරි මස 06 වන දා විභාගයට ගැනීමට තීරණය කළේය.