මෙරට ප්‍රථම වරට LGBTQ ප්‍රජාව වෙනුවෙන් පොලීසියෙන් ඉඩක්!

 මෙරට ප්‍රථම වරට LGBTQ ප්‍රජාව වෙනුවෙන් පොලීසියෙන් ඉඩක්!

LGBTQ (සමරිසි ප්‍රජාව) ප්‍රජාවගේ හඬට මෙරට ප්‍රථම වරට පොලිස්පතිවරයෙක් සහාය දැක්වීම පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් සිදුකරන ලදී.

ඒ අනුව මෙරට LGBTQ ප්‍රජාව ඔවුන්ගේ යම් අවශ්‍යතා සඳහා පොලීසිය සමඟ කටයුතු කිරීමේදී මුහුණ දෙන ගැටළු සහ අපහසුතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර පොලිස් ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත්කර තිබේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයක් යොමු වී ඇත්තේ LGBTQ ප්‍රජාව පොලිසිය සමඟ කටයුතු කිරීමේදී පත්වන අපහසුතා වළක්වා ගැනීම සම්බන්ධයෙනි.

LGBTQ ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයකම නියෝජිතයන් හා ඔවුන්ගේ නීතිඥවරුන් කණ්ඩායමක් පොලිස් මූලස්ථානයේදී පසුගිය සිකුරාදා පොලිස්පතිවරයා හමුවී සිදු කළ සාකච්ඡාවකින් අනුතුරුව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබූ බව පොලිස් මූලස්ථාන පවසයි.

පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සහාය දක්වන ලෙසද පොලිස්පතිවරයා පොලිස් නීති අංශයට උපදෙස් ලබාදී ඇති බවද මුලස්ථානය වැඩි දුරටත් පවසයි.

Newspedia 02

Related post