හිටපු උපකුලපතිට පහර දුන් පේරා සිසුන් 06 ක් අත්අඩංගුවට..

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පේරාදෙණිය පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකාර සිසුන් වයස වු. 23-25 අතර පසුවන්නන් වන අතර, නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව සහ ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පොලීසිය පවසන්නේ තවත් සිසුන් හයදෙනෙකු සිද්ධිය සම්බන්ධව හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ සිදු කරගෙන යන බවය.