මස් මාංශ අලෙවිසැල් පරීක්ෂා කිරීම් වැඩි කරයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මස් මාංශ අලෙවිසැල් පරීක්ෂා කිරීම් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ පසුගිය දින කිහිපයේදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී නිසි අනුමැතියක් නොමැති ගව හා එළු මස් අලෙවි කිරීමේ සිද්ධීන් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ බවය.
උතුරු නැගෙනහිර පළාත් යාබද ප්‍රදේශවල සිටින ජනතාව මේ දිනවල මාංශ පරිභෝජනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අනුමත මුද්‍රාව සඳහන් මාංශ පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේය.