දේවගැති ජෙරොම්ගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි

ඔස්ට්‍රේලියාවේ පැවති ICC T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සම්බන්ධ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ කමිටුව ආන්දෝලනාත්මක ශ්‍රී ලංකා ආගමික දේශක ජෙරොම් ප්‍රනාන්දුගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
පසුගිය නොවැම්බරයේ ඔස්ට්‍රේලියාවේ පැවති ICC T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මීට පෙර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
2022 ඔක්තෝම්බර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවති ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ අනෙකුත් සිදුවීම් විමර්ශනය කිරීම මෙම කමිටුවට පැවරී ඇත.