හිටපු උපකුලපතිට පහර දුන් සිසුන් 12කගේ ශිෂ්‍යභාවය අහෝසි!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පසුගියදා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදී තිබූ අතර එහිදී අතුල සේනාරත්න මහතා රෝහල් ගත කිරීමද සිදු විය.
මෙම සිදුවීමට අදාළව සිදුකළ විමර්ශනවලදී විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකු හඳුනාගත් බවත් ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමද සිදුකල බවත් විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා පවසා සිටියේය.
එමෙන්ම අදාළ සිද්ධියට සම්බන්ධ වූ බවට සැලකෙන තවත් සිසුන් හඳුනාගැනීම තවදුරටත් ක්‍රියාත්මක බව ඒ මහතා පවසයි.