වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ් කරයි!

 වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ් කරයි!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගියදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වසන්ත මුදලිගේට ඇප හිමිවූ අතර වෙනත් නඩුවකට අදාලව නැවත ඔහුව රිමාන්ඩ් බාරයට පත් කරන ලදී.

එම නඩුවට අදාළව අද (12) දින ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එම නියෝගය ලබා දුනි.

Newspedia 02

Related post