පොහොට්ටුව නිල වශයෙන් ම අලියා සමග දීග යාමට සූදානම්!

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන සන්ධානයක් පිහිටුවීමේ හැකියාව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
ලබන වසර මුලදී පළාත් පාලන මැතිවරණය කැඳවන බව මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ මැතිවරණයක් ප්‍රකාශයට පත් වුවහොත් කුමක් කළ යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට තම පක්ෂය සිය සන්ධාන හවුල්කරුවන් සමඟ සෙනසුරාදා රැස්වීමක් පැවැත්වූ බවයි.
අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ, ඊපීඩීපී සහ ටීඑම්වීපී ඇතුළු දේශපාලන පක්ෂ නවයක් රැස්වීමට සහභාගී වූ අතර, එහිදී සන්ධානයක් ලෙස තරඟ කිරීමට එකඟ වී තිබේ.
කාරියවසම් පැවසුවේ මෙම මූලික එකඟතාවය මත තම පක්ෂය දේශපාලන සන්ධානයක් වර්ධනය කර ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ කතා කරන බවයි.
“නොනිල වශයෙන් අපි දැනටමත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට අපේ කැමැත්ත පෙන්වා දී තිබෙනවා. අපි ඉක්මනින්ම විධිමත් මුලපිරීම් කිරීමට බලාපොරොත්තු වෙනවා,”