පරංගින්ට ඕන විදියට මෙහෙ ‘නයිට් ලයිෆ් ‘ කරන්න බෑ! – මේක උතුම් බුදු දහම ඇති රට!

 පරංගින්ට ඕන විදියට මෙහෙ ‘නයිට් ලයිෆ් ‘ කරන්න බෑ! – මේක උතුම් බුදු දහම ඇති රට!

නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය විදේශ රටවල ජීවත්වන පරංගින් කී පලියට මෙරට ඇතිකිරීමට ඉඩදිය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කියා සිටිති.

උන්වහන්සේ පවසන්නේ උතුම් බුදු දහමෙන් පෝෂණය වූ මෙරට සංස්කෘතිය විනාශ කිරීමට ඔවුන්ට ඉඩ දිය නොහැකි බවයි.

මෙම ක්‍රියාවන් නවතා දැමීමට කටයුතු කරන ලෙස තමන් මහා සංඝරත්නයෙන් හා ආගමික නායකයන් ගෙන් ඉල්ලීමක් කරන බවද කාදිනල් හිමිපාණන් සඳහන් කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුවෙන් කී පලියට රටට නොගැලපෙන නීති ක්‍රියාත්මක කිරීම හිඟා කන වැඩක් බව ද රදගුරුතුමන් තව දුරටත් කියා සිටියේය.

එතුමන් මේ බව කියා සිටියේ මීගමුව ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

Newspedia 02

Related post