තැපැල්පති සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි!

 තැපැල්පති සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි!

තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ විසින් සියලුම තැපැල් කාර්ය මණ්ඩල වලට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මත සියලුම කාර්ය මණ්ඩල නිවාඩු අවංගු කර ඇති බවත් සියලු සේවකයන් අද (12) දින සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබේ.

තැපැල්පතිවරයා විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඊයේ සවස 4 සිට අද මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙනි.

මෙම වැඩවර්ජනය පැවැත්වීමට හේතුවී ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාලයන්හි නිලධාරීන්ට පැය 240ක උපරිම අතිකාල ලබාදීමට තීරණය කිරීමට එරෙහිවය.

Newspedia 02

Related post