කිරි පිටි තොගයක් ඇප පිට නිදහස් වෙයි.

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා වරායේ සිරවී තිබූ කිරිපිටි කිලෝග්‍රැම් ලක්‍ෂ 4 රු. මි. 118 ක බැංකු ඇපකරයක් මත නිදහස් කරගත් බව පියෝඩේල් කිරිපිටි සමාගමේ සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය මහතා පවසයි.
එම කිරිපිටි තොගය නිදහස් කර නොගත්තේ නම් නරක් වීමේ අවදානමක් තිබූ බවත් එසේ වූයේ නම් රුපියල් මිලියන 600 ක් පාඩුවක් දැරීමට සිදුවන බවත් ඒ මහතා කීය.