උද්ඝෝෂණ පෙළපාලිවලින් බලය ගන්න බෑ! රට අරාජික වෙනවා..

උද්ඝෝෂණ, පෙළපාලිවලින් ආණ්ඩු බලය ලබාගත නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ඉන් සිදුවන්නේ නැවත රට අරාජිකත්වය කරා ගමන් කිරීම බව ඔහුගේ අදහස ය.
ඇතැම් අය මෙවර ඉදිරිපත් කළ අයවැය විවේචනය කළත් බංකොළොත් කළ රටක් නැවත නඟාසිටුවීම සඳහා ඉදිරිපත් කළ සුදුසුම අයවැයක් ලෙස මෙය දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
“නිදහසින් පසු මෙන්ම නිදහසට පෙර ද ඉදිරිපත් කර තිබෙන අයවැයවලින් මෙවර ඉදිරිපත්කර තිබෙන අයවැය ජාතික වශයෙන් බැරෑරුම් අවස්ථාවක ඉදිරිපත් කර ඇති අයවැයක්. මේ අයවැය මගින් රටේ අනාගතය වෙනුවෙන් ජාතික එකඟතාවක් ඇතිකර ගැනීමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව වන්නේ.
මේ අවස්ථාවේදී හෝ යම් යම් දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම්වලට ජාතික එකඟතාවකට පැමිණීමට නොහැකි වන්නේ නම් එය ජාතික ව්‍යසනයකට පාර කැපීමට මුල්වෙන කාරණයක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා අවස්ථාවේදී රටේ මහජනතාව විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ පාමිණුයි සිටියේ. එක් පැත්තකින් පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් ප්‍රශ්න, අනෙක් පැත්තෙන් දරුවන්ට බොන්න කිරිපිටි තිබුණේ නැහැ. දවස් ගණන් පෝලිම්වල සිටි ජනතාව පෝලිම්වලම මියයන තත්ත්වයකයි රට තිබුණේ”
වජිර අබේවර්ධන