ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් ඇරඹේ!

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (12) නැවත ආරම්භ කෙරිණ.
එම ගුවන් ගමන් ආරම්භ කරමින් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපලේ සිට එලයන්ස් එයාර් නැමති ගුවන් යානය අද උදෑසන යාපනය පලාලි ගුවන් තොටුපලට පැමිණ නැවත එම ගුවන්යානය චෙන්නායි දක්වා පියාසර කිරීමට පියවර ගෙන තිබුණි.
කොවීඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු හේතුවෙන් ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් පියවර ගෙන තිබිණ.
ඉන් අනතුරුව රුපියල් මිලියන 2,250ක වියදමකින් පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමෙන් පසුව නැවත අද දින ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් මෙසේ ආරම්භ විය.


