පෙර වැරදි ඇති අයට නාම යෝජනා නෑ! පොහොට්ටුවෙන් පුංචි ඡන්දයට ඉල්ලන්න අය නැතිවෙයිද?

 පෙර වැරදි ඇති අයට නාම යෝජනා නෑ! පොහොට්ටුවෙන් පුංචි ඡන්දයට ඉල්ලන්න අය නැතිවෙයිද?

විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ලබා නොදෙන ලෙස පොහොට්ටු පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවීමට එම පෙරමුණ මේ වන විට තීරණය කර තිබේ. එමෙන්ම මෙම අයදුම්පත් සළකා බැලීමේ දී උගත්කම පිළිබඳව සේම ඔහු හෝ ඇය දේශපාලනයේ ප්‍රායෝගිකව නිරතව ගමේ ජනතාව සමග වැඩ කටයුතු කළ අයෙකුද යන්න පිළිබඳව ද මූලික අවධානය යොමු කරන ලෙස ද, මහින්ද රාජපක්ෂ විසින් පක්ෂයට දැනුම් දී තිබේ.

Newspedia 01

Related post