2023 සිට දකුණු කොරියානුවන්ගේ වයස අවු: 02 කින් අඩුවෙයි!

 2023 සිට දකුණු කොරියානුවන්ගේ වයස අවු: 02 කින් අඩුවෙයි!

දකුණු කොරියානු වැසියන්ගේ වයස සම්බන්ධව පැවති ගැටලු නිරාකරණය කරමින් නව නීතියක් එළඹෙන වසරේ සිට බලාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව නව නිතිය සමඟ දකුණු කොරියානු වැසියන්ගේ වයස දැනට පවසන වයසට වඩා වසර දෙකකින් පමණ අඩුවන බව වාර්තා වෙයි.

අතීතයේ සිට දකුණු කොරියානු වැසියන් ආකාර තුනක් යටතේ සිය වයස ගණනය කිරීම සිදුකරයි.

01. ජාත්‍යන්තර වයස

  • සාමාන්‍ය ජාත්‍යන්තර රටවල් විසින් උපත ලද දින සිට දින අනුව ගණනය කරන වයස.

02. කොරියානු වයස

  • මෙම වයස ගණනය කරන්නේ ‘ඉපදුණු දිනය ද අවුරුද්දක්’ ලෙස සලකමිනි. ඒ අනුව ජාත්‍යන්තර වයස අවුරුද්දක් වන දරුවෙකුගේ කොරියානු වයස අවුරුදු දෙකක් ලෙස සැලකෙයි.

03. දින දර්ශක වයස

  • මෙමගින් ජාත්‍යන්තර වයස සහ කොරියානු වයස ගණනය කරන ආකාරයේ එකතුවක් ලෙස ගත හැකිය. එහිදී ඉපදුණු දිනය බිංදුව ලෙස ගෙන සෑම ජනවාරි පළමු වනදා දිනකම අවුරුද්දක් වයසට එක් වෙයි. මෙම ක්‍රමවේදය අනුව ජාත්‍යන්තර වයස අවුරුදු 20ක් වන පුද්ගලයෙකුගේ කොරියානු වයස අවුරුදු 21ක් වන අතර දින දර්ශක වයස අවුරුදු 22 ක් වෙයි.

මෙම ක්‍රමවේද හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් ව්‍යාකූලතා ඇති වන බවට දීර්ඝ කාලයක් පුරා වාද විවාද සිදුව තිබේ.

ඒ අනුව එළඹෙන වසරේ ජූනි මාසයේ සිට වයස ගණනය කිරීමේ දී ජාත්‍යන්තර ක්‍රමවේදය භාවිත කළ යුතු බවට නව නීතියකට එරට රජය එළඹ තිබේ.

Newspedia 02

Related post