ශාසන විරෝධී භික්ෂුන් ගැන තීරණය ගැනීමේ සංඝ සභාවට කැබිනට් අනුමැතිය!

 ශාසන විරෝධී භික්ෂුන් ගැන තීරණය ගැනීමේ සංඝ සභාවට කැබිනට් අනුමැතිය!

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත් සඳහා ඉදිරි පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

එමගින් කිසියම් නිකායක හෝ පාර්ශ්වයක සංඝ සභාව විසින් ගනුලැබූ තීරණයකට අනුව කිසියම් භික්ෂූන් වහන්සේ නමක් විසින් කටයුතු නොකරන අවස්ථාවකදී අදාළ සංඝ සභාවේ තීරණය බලාත්මක කරවීමට නීතිමය ප්‍රතිපාදන හිමිවී තිබේ.

අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා ඊට අදාළ කරුණු පැහැදිලි කර තිබුණි.

ඒ අනුව ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතට යෝජිත නව සංශෝධන මගින් ශාසන විරෝධීව හැසිරෙන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට හිමිවන බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් පවසයි.

Newspedia 02

Related post