යළි කවදාවත් රාජපක්ෂලයි – පොහොට්ටුවයි එක්ක දේශපාලනය කරන්නේ නෑ!

 යළි කවදාවත් රාජපක්ෂලයි – පොහොට්ටුවයි එක්ක දේශපාලනය කරන්නේ නෑ!

2015 වසරේ සිටම රාජපක්ෂ පවුල් දේශපාලනය පිළිබඳ තමන්ට බරපතල කළකිරීමක් පැවති බවත් පාක්ෂිකයින්ගේ බල කිරීම මත තමන්ට රාජපක්ෂ කදවුර සමඟ සිටීමට සිදු වූ බවත් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

නමුදු මින් ඉදිරියට නැවත කිසිදිනක පොදුජන පෙරමුණ සමඟ හෝ රාජපක්ෂ පවුල සමඟ තමන් දේශපාලනයට සම්බන්ධ නොවන බව ඒ මහත්මිය සඳහන් කරයි.

පවතින තත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද කටයුතු කිරීම ලැජ්ජා සහගත කරුණක් බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

Newspedia 02

Related post