පොහොට්ටුව ලක්ෂ ගණන් දී පත්තර දැන්වීම් දමයි! – ජනතාවගේ බඩගින්නට සහනයක්!

 පොහොට්ටුව ලක්ෂ ගණන් දී පත්තර දැන්වීම් දමයි! – ජනතාවගේ බඩගින්නට සහනයක්!

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කිරීම සඳහා පසුගියදා ඇමරිකාවේ සිට මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා එම කටයුතු ආරම්භ කර ඇති බව අප පෙර පුවතකින් වාර්තා කළෙමු.

ඒ අනුව පොහොට්ටුවේ මැති ඇමතිවරුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා සංවිධාන කටයුතු සිදුකරන ආකාරය දැක ගැනීමට පිළිවන.

තවද අරගලය හමුවේ කැඩී බිඳී ගොස් ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ පොහොට්ටු නාමය නැවත ලඟා කර ගැනීම සඳහාත්, ආර්ථික අර්බුදයෙන් බැට කමින් එදා වේලා සරිකර ගැනීමට නොහැකි ජනතාව තම පාක්ෂිකයන් බවට පත්කරගැනීම සඳහාත් අති විශාල මුදලක් වැයකිරීමට සැලසුම් කර ඇති බව එම සැලසුම් හමුවේ පෙනීයයි.

එහි ආරම්භයක් ලෙස හෙට දිනයට අදාළ (ඉරිදා) ප්‍රධාන පුවත්පත් රැසකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවර්ධන දැන්වීමක් සම්පුර්ණ පිටුවක් පුරා පළකර ඇති ආකාරය දැකගත හැකිවේ.

මෙරට ප්‍රධානතම පුවත්පතක සාමාන්‍ය දැන්වීමක් පලකිරීමට වුවද විශාල මුදලක් ගනු ලබන අතර එහි සම්පුර්ණ පිටුවක්ම දැන්වීමක් සඳහා යොදාගැනීමට ලක්ෂ ගණනින් ගෙවීම් කලයුතු වේ.

දවසෙන් එක වේලකට හෝ තම දරුවන්ට ආහාර සොයාදීමට නොහැකිව දිවිනසා ගන්නා පියවරුන් හා බඩගින්න ඉවසා ගැනීමට නොහැකිව දිවිනසා ගන්නා ආච්චිලා පිළිබඳව වාර්තාවන මොහොතක ආර්ථික අර්බුදයේ ප්‍රධාන නිර්මාණකරුවන් බවට චෝදනා එල්ලවන පොහොට්ටුව නැවත තම පක්ෂය ප්‍රවර්ධනය සඳහා ලක්ෂ ගණනින් වියදම් කිරීමට සැලසුම් කර තිබේ.

පත්තර වල දැන්වීම් දමා ලක්ෂ ගණන් වියදම් කිරීමට තරම් පොහොට්ටුවට මුදල් තිබීමත් එක වේලක් හෝ බඩගින්න නැති කරගැනීමට ආහාරයක් ලබාගැනීමට ජනතාවට මුදල් නොමැති වීමත් අතර ඇත්තේ කුමන ගැටලුවක්ද යන්න ජනතාවම සිත බැලිය යුතුය.

පත්තරයක දැන්වීමක් දැමීමට ලක්ෂ ගණනින් වියදම් කරන වේලාවේ බඩගින්නෙන් සිටින ජනතාවට ආහාරයක් ලබදුන්නේනන්ම් නැතිවී ගිය පොහොට්ටු නාමය හෝ ලැබෙන බවනම් කිව යුතුමය.

මේ හෙට පළවීමට නියමිත ප්‍රධාන පුවත් කිහිපයක දැන්වීම පළකර ඇති අයුරු…

ඉරිදා ලංකාදීප

ඉරිදා සිළුමිණ

ඉරිදා මව්බිම

Newspedia 02

Related post