ඇමති විදුලි බිල වැඩි කරත්, කරන්ට් කැපිල්ල දිගටම තියෙයි! – විදුලි ඉංජිනේරුවන්

 ඇමති විදුලි බිල වැඩි කරත්, කරන්ට් කැපිල්ල දිගටම තියෙයි! – විදුලි ඉංජිනේරුවන්

මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇති 70% කින් යළිත් වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීම සිදුකළද ලබන වසර තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

ජනාධිපතිවරයා හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසූරිය මහතා විදුලි ගාස්තු වැඩි කිරීමට අවශ්‍ය බවට දැඩි තීරණය සිටියද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ එමගින් මණ්ඩලයේ පාඩුව පියවීම සිදු වූවත් ගල්අඟුරු හා ඉන්ධන ගෙන්වීමට ඩොලර් හිඟ වීම සිදුවන බවත් එම නිසාවෙන් විදුලි කප්පාදුව ලබන වසර තුළත් සිදුකිරීමට වන බවයි.

මන්ද යත් දැනට විදුලි නිෂ්පාදන 70% ක් ජලය මගින් සිදුකරන බවත් ලබන වසරේ මුල වන විට ජලාශවල ජල මට්ටම පහල බැසීම සිදුවන බැවින් ගල් අඟුරු හා ඉන්ධන වැඩි වශයෙන් ගෙන්වීමට සිදු වුවත් ඇතිවන ඩොලර් ප්‍රශ්නයේ බලපෑම මත අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වේ.

විදුලි කප්පාදුව නැවැත්වීමට නම් විදුලි ගාස්තු වැඩි කළ යුතු බවට විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කළද පවතින තත්වය යටතේ විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත බවත් එනිසා විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ යුතු බවත් මේ වනවිට මණ්ඩලයට ලැබෙන මුදල් මගින් පාඩුව ගෙවී යාමට සැලැස්වීම සුදුසු බව ඔවුන් කියා සිටිති.

තව දුරටත් විදුලි ගාස්තු වැඩි කිරීමෙන් සිදුවන්නේ මණ්ඩලයට මුදල් පැමිණීමක් නොව ගාස්තු වැඩිවීම නිසා විශාල පාරිභෝගිකයින් පිරිසක් විදුලි ඉල්ලුම අත්හැරීම නිසාවෙන් ඇතිවන පාඩුවක් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටි.

Newspedia 02

Related post