සහල් ආනයනය නවත්වන්න – ජනපති ඇමතිකමෙන් අස්වෙනවා – අමරවීර

මෙරටට සහල් ආනයනය කිරීම වහාම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එමෙන්ම ජාතික ගොවිජන එකමුතුව සමග පැවති සංවාදයක දී කෘෂිකර්ම වනජිවි හා වන සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ රජයට වී මිලදී ගැනීමට මුදල් නැති බවත් විදේශයන්ගෙන් සහල් ආනයනය නිසා වී මිලදී ගැනීම සහල් නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.
වී ගොවියන්ගේ ගැටලු සමනය කිරීමට කොතෙක් උත්සාහ කළද එය අසාර්ථක වී ඇති බවත් එම නිසාවෙන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීම හැර වෙන විකල්පයක් තමනට නොමැති බවද ඒ මහතා පවසා තිබේ.