නිඝන්ඨයන්, දේවදත්තයින් තාමත් ඉන්නවා! – අපිට පාරේ යන්ඩ බෑ!

 නිඝන්ඨයන්, දේවදත්තයින් තාමත් ඉන්නවා! – අපිට පාරේ යන්ඩ බෑ!

අද වන විට එදා මෙන්ම භික්ෂූන් වහන්සේලාට චෝදනා කරන නිඝන්ඨයන්, දේවදත්තයින්, චිංචිමානවිකාන් සමාජයේ
කරුමක්කාරයෝ, පවුකාරයෝ, කසිප්පු කාරයෝ, වෙරිකාරයො ලෙසින් සිටින බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

නමුදු එම මඩ ප්‍රචාර වලට බියෙන් තමන් කිසිදා පස්සට නොයන බවත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම කටයුතු කරන බවත් උන්වහන්සේ පවසයි.

මුරුත්තෙට්ටුවේ හිමියන් මෙම අදහස් පළ කළේ මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවති පුණ්‍ය උත්සවයක් අමතමිනි.

‘මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයට මා පැමිණ දැනට වසර දෙකයි. මේ ස්ථානය මා බාරගත්තේ අපිට පන්සල් නැතුව නෙමෙයි. නමුත් මට අද අවශ්‍ය වන්නේ පිරිහෙමින් යන මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමයි. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕනේ මේ සාමණේර භික්ෂුන් වහන්සේලා රැකගැනීමයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේට අද පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. උන්වහන්සේලාට විවිධ පාර්ශව විසින් විවිධ චෝදනා එල්ල කරනවා. එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළා කියලා සෝමාරාම භික්ෂුවට චෝදනා කළා වගේ. අදත් භික්ෂූන් වහන්සේට චෝදනා කරන නිගන්ටයින්, දේවදත්තයින්, චිංචිමානවිකාන්, සච්චකල ඉන්නව. ඔවුන් වැඩ කරන්නේ කරුමක්කාරයෝ, පවුකාරයෝ කසිප්පු කාරයෝ, වෙරිකාරයො වගේ.

අපි ඕවට සැලෙන්නේ නෑ. බුදුන් වහන්සේගේ දේශනාව ” මානිවත්ත අභික්කම ” නොනැවතී ඉදිරියට. ඒ බුදු වදන අනුව යමින් අපේ වැඩ ටික අපි කරගෙන යනවා. ගල්මුල් ගහන අය ඒව කරපු දෙන්. අපි මේ තැනට ආවේ පාවාඩ මතින් පමණක් නෙමෙයි. විවිධ අභියෝග හා හැලහැප්පීන් මැද. ඒ නිසා අපිට ඔය ගල් මුල් ප්‍රහාර හොඳට හුරුයි. ඒවට අපි බය නෑ. කළ යුත්ත කරනවා. හැලිය යුත්ත හලනවා. ඒකයි මගේ ප්‍රතිපත්තිය. වැටුණත් වැටෙන්නේ ඉස්සරහට මිසක් පස්සට නෙමෙයි. ගහන්න ගහන්න බනින්න බනින්න අපි නැගිටිනවා. අපිට මඩ ගැහුවට කමක් නෑ. මුලින්ම මඩ ගෑවෙන්නෙ මඩ අනන කෙනාගෙ අතේ’

Newspedia 02

Related post