තෙල් ලීටරයකින් රු.200 ටත් වඩා වැඩි මුදලක් බහිරවයෙකුගේ සාක්කුවට..

 තෙල් ලීටරයකින් රු.200 ටත් වඩා වැඩි මුදලක් බහිරවයෙකුගේ සාක්කුවට..

කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ චීනය බොරතෙල් ආනයනය අඩුකිරීම හේතුවෙන් මෑත කාලය තුළ සීග්‍රයෙන් ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගියේය.

එහිදී ජාත්‍යන්තර වෙළඳපොල තුළින් ලබාගන්නා බොරතෙල් බැරලයක මිල පසුගිය මාසය වන විටදී ඩොලර් 85 ක (නොවැම්බර් 09) පමණ අගයක පැවතියත් අද වනවිට එය ඩොලර් 74 (දෙසැම්බර් 09) තරම් විශාල මුදලකින් අඩුවී තිබේ.

ඒ අනුව බැලීමේදී ජාත්‍යන්තර වෙළදපොල තුළින් ඩොලර් 74කට ලබාගන්නා තෙල් බැරලයක් ඉන්ධන ගැලපුම් ගාස්තු හා සැසදීමේදී මෙරට මුදලින් තෙල් ලීටරයක් රුපියල් 174ක් තරම් අඩු මුදලකට රට තුල විකිණිය හැකි වුවත් එය මහජනතාවට ලබාදෙනු ලබන්නේ රුපියල් 370ක සිට රුපියල් 500 අතර අගයන් වලටය.

එසේනම් රුපියල් 174කට ලබාදිය හැකි ඉන්ධන ලීටරයක් මගින් රුපියල් 200කටත් වඩා වැඩි මුදලක් ලබාගනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුවක් පැනනැගී.

නිසි මුදලට දේශීය වෙළඳපොලට ඉන්ධන නිකුත් නොකිරීම තුළින් ඒ හා සම්බන්ධ විදුලි උත්පාදනය වැනි ක්ෂේත්‍ර වල මිල ගණන්ද ඉහළ යාම ඕනෑම පුරවැසියෙකු හට තේරී යන කරුණකි.

ඒ අනුව බලන කල ඉන්ධන මිලදී ගැනීමේ සිට අනෙක් ක්ෂේත්‍ර තුළින් පවා මහජනතාව ඇති විශාලා මුදලක් නිකරුණේ වියදම් කර ඇතත් අමාත්‍යවරුන් තවමත් පවසන්නේ බලශක්තිය හා විදුලිය පාඩු ලබන බවයි.

අමාත්‍යවරුන් එසේ පවසනවා නම් මහජනතාවගේ මුදල් ගමන් කරන්නේ කාගේ සාක්කුවට දැයි සෙවීම අනිවාර්යය නොවේද?

Newspedia 02

Related post