තමන් ප්‍රබල පුද්ගලයෙකු කී අමේෂ් පොලිස් අත්අඩංගුවට!

ඊයේ (07) දින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය ලෙස බැණ වැදුණු අමේෂ් රුවන්ත නැමැත්තාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිර ගියේය.
ඒ අනුව එම සිදුවීමට අදාළව විශේෂ විමර්ශනයක් සිදුකරන බවට ඊයේ දිනම පොලීසිය නිවේදනය කළ අතර අද (08) දින අදාළ අමේෂ් රුවන්ත නැමැත්තා මිරිහාන පොලිසියට පැමිණ බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය දඩ නියම කරද්දී එම නිලධාරීන්ට බැණවැදුණු ඔහු පැවසුවේ තමන් ප්‍රබල පුද්ගලයකු බවත් ප්‍රබලයන් අඳුනන බවත් තමනට දඩ නියම කිරීමෙන් පොලිසිය අපහසුතාවයට පත්වනු ඇති බවත් ය.
තමන් කවුදැයි අන්තර්ජාලයෙන් සොයා බලන ලෙසද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු තම සමාජ ජාලා ගිණුම් සියල්ල අක්‍රිය කර ප්‍රදේශයෙන් පලාගොස් තිබිණි.