ජර්මන් රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට චෝදනා කරමින් 25 දෙනෙකු අත්අඩංගුවට!

 ජර්මන් රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට චෝදනා කරමින් 25 දෙනෙකු අත්අඩංගුවට!

රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට සැකපිට ජර්මනිය පුරා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

අන්ත දක්ෂිණාංශික සහ හිටපු හමුදා නායකයින් කණ්ඩායමක් ලෙස සැළකෙන මොවුන් රීච්ස්ටැග් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී බලය අල්ලා ගැනීම සඳහා සූදානම්ව සිටි බව පැවසේ.

පැරණි වංශාධිපති පවුලක හෙන්රිච් XIII නම් මිනිසෙක් ඔවුන්ගේ සැලසුම්වල කේන්ද්‍රීය චරිතයක් වූ බවට චෝදනා කෙරේ.

අත්අඩංගුවට ගත් 25 දෙනා අතර හෙන්රිච් XIII නම් සුළු වංශාධිපතියෙක් ද විය

ෆෙඩරල් නීති සම්පාදකයන්ගේ අදහස අනුව, ඔහු ජර්මානු ප්‍රාන්ත 11 ක් පුරා අත්අඩංගුවට ගත් අය අතර සිටින ප්‍රධාන පෙලේ නායකයන් දෙදෙනෙකුගෙන් කෙනෙකි.

ප්‍රචණ්ඩ ප්‍රහාර මෙන්ම ජාතිවාදී සහ යුදෙව් විරෝධී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ ජර්මානු පොලිසියට අවශ්‍යව ඇති අන්තවාදී රීච්ස්බර්ගර් ව්‍යාපාරයේ සාමාජිකයින් මෙම කුමන්ත්‍රණකරුවන්ට ඇතුළත් වන බව පැවසේ. නූතන ජර්මානු රාජ්‍යය පිළිගැනීම ද ඔවුහු ප්‍රතික්ෂේප කරති.

“ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන්” වන මොවුනට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර කටයුතු ඇමති නැන්සි ෆයිසර් ජර්මානුවන්ට සහතික වෙයි.

ආසන්න වශයෙන් පිරිමින් සහ කාන්තාවන් 50 කින් යුතු කණ්ඩායමක කොටසක් ලෙස සැළකෙන මොවුන් පවතින ජර්මානු පෙරලා දමා ඒ වෙනුවට 1871 ජර්මනිය ආදර්ශයට ගත් නව රාජ්‍යයක් – දෙවන රයික් නම් අධිරාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කළ බව කියනු ලැබේ.

ෆෙඩරල් අභිචෝදක කාර්යාලය පවසන්නේ මෙම කණ්ඩායම සඳහා තවමත් නමක් යොදා නොමැති බවය. අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, පෙනෙන විදිහට එය “කවුන්සිලයක්” සහ හමුදා හස්තයකින් සමන්විත වූවක් බවයි.

බදාදා උදෑසන සිදු කරන ලද වැටලීම් නූතන ජර්මානු ඉතිහාසයේ විශාලතම අන්තවාදී විරෝධී මෙහෙයුමක් ලෙස සැලකෙන අතර, ජර්මනියේ ප්‍රාන්ත 16 න් 11 ක මෙහෙයුම් 150 කට නිලධාරීන් තුන්දහසක් සහභාගී වී තිබේ.

අත්අඩංගුවට ගැනීම්වලින් අඩක් පමණ දකුණු දිග ප්‍රාන්ත වන Baden-Württemberg සහ Bavaria හි සිදු විය.

Newspedia 01

Related post