විවාහයට පෙර ලිංගිකව හැසිරුනොත්, අවුරුද්දක් හිරේ දාන නීතියක්!

 විවාහයට පෙර ලිංගිකව හැසිරුනොත්, අවුරුද්දක් හිරේ දාන නීතියක්!

විවාහයට පෙර ලිංගිකව හැසිරීම වරදක් ලෙස පිළිගනිමින් එම වරද සඳහා චෝදනාවට ලක්වූවන්ට වසරක සිර දඬුවමක් පැනවීමේ නීතියක් සම්මත කරගැනීමට ඉන්දුනීසියානු රජය සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අනියම් ලිංගික හැසිරීමේ චෝදනාවට ලක්වූවන්ට දඬුවම් දීම සඳහා අපරාධ නීතියට යටත්ව මේ පනත ඇතුළු තවත් පනත් කිහිපයක් සම්මත කරගැනීම මේ මස මැද භාගයේදී සිදුකිරීමට යෝජනා වී ඇති බව එම වාර්තා තුළ දැක්වේ.

මීට අමතරව ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය ආයතනවලට අපහාස කිරීම, ඉන්දුනීසියා රජයේ මතවාදයට පටහැනි අදහස් ප්‍රකාශ කිරීම ද තහනම් කිරීමට නියමිතය.

Newspedia 02

Related post