විදුලි බිල වැඩි කළොත් නඩු දානවා! – PUCSL සභාපති

විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
පසුගියදා 70% කින් විදුලි ගාස්තු වැඩි කිරීමට විදුලි බල නිලධාරීන් හා අමාත්‍යවරයා කළ ඉල්ලීමට ඒ මහතා මේ බව පවසා සිටියේය.
මහජන උපයෝගිතා කොමිසමේ විරෝධය නොතකා විදුලි ගාස්තු නැංවීමට කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.