වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප!

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප හිමිව තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවාගෙන ප්‍රශ්න කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලදී.