වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු රිමාන්ඩ්! – වෛද්‍යවරුන්ට විදෙස්ගමන් තහනම්!

වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරු වන 41 හැවිරිදි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන් හෙවත් බායි නැමැත්තා අද (06) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
එමෙන්ම අදාළ වකුගඩු ජාවාරම සිදුකළ බව පැවසෙන බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරු 6දෙනෙකු ට විදෙස් ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා තිබේ.