එළඹෙන අලුත් අවුරුද්දට, පැය 6 – 8 ක් කරන්ට් කපනවා!

විදුලි බිල වැඩි නොකරන්නෙ නම් ලබන වසරේ දිනකට පැය 6 – 8 ක් පමණ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටින්නේ ඉල්ලා සිටි 70% විදුලිබිල වැඩිකිරීම සිදු නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නොහැකි බවයි.
එසේ පාඩුව පියවා ගැනීමට නොහැකි වුවහොත් විදුලිය නිපද වීමට අවශ්‍ය ඉන්ධන ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිවීම මත 2023 වසරේදී පැය 6-8 ක් පමණ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීම සිදුවන බව කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.