රනිල් හින්දයි අපි අද පාරේ බැහැල යන්නේ

 රනිල් හින්දයි අපි අද පාරේ බැහැල යන්නේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය නිවැරදි බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

පක්ෂ විපක්ෂ සියලුදෙනාට නිදහසේ දේශපාලනය කිරීමට ඉඩ සලසාදිය යුතු බව තම පක්ෂයේ මතය බව එම පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජයට රට හොඳ දිසාවකට ගෙනයාමට හැකියාව ලැබේද යන්නයි. එයට පිළිතුරු ලබාදෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ,පළමු දේ සිදුකර ඇති බවත් දේශපාලනය සිදුකිරීම සඳහා පාරට බැසීමට අවස්ථාව ලබාදුන් බවත් ආර්ථික සහ අනෙකුත් ගැටලු සඳහා විසඳුම් ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

Newspedia 02

Related post