කැලණියේ ගබඩාවක ගින්නක්! – ප්‍රදේශයේ විදුලියද ඇනහිටී!

කැලණිය , ගල්බොරැල්ල වරාගොඩ පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක උඩුමහළ තුළ පිහිටි ගබඩාවක් ගිනි ගැනීමකට ලක්ව තිබේ.
අද (05) උදෑසන 6.30ට පමණ ගින්න ඇති වී තිබෙන අතර ගින්නෙන් එම මහළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
කොළඹ නගර සභාවට අයත් ගිනි නිවන රථ 6ක් පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරන අතර ප්‍රදේශයේ විදුලිබලය ද මේ වනවිට විසන්ධි කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.