සේවකයන් දොට්ට දාන්න හදන UDA ලොක්කන්ට ‘කුලියට’ සැප කාර්!

 සේවකයන් දොට්ට දාන්න හදන UDA ලොක්කන්ට ‘කුලියට’ සැප කාර්!

මෙරට රාජ්‍ය මුදල් සංචිත හිඟ කම නිසාවෙන් දැඩි ආර්ථික අර්බුදයක් හටගෙන තිබෙන අතර ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් හා දේශීය වශයෙන් විසඳුම් සොයමින් පවතී.

ඒ හේතුව නිසාවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව ඇති අතර රාජ්‍ය වියදම් පාලනය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි තීරණ ඔවුන් විසින් සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කල යුතු කාරණා වශයෙන් පැහැදිලිව සඳහන් කොට තිබේ.

ඒ සඳහා රාජ්‍ය අංශයේ සේවකයන්ගේ කප්පාදුවක් සිදු කිරීමට තීරණය වූ අතර විශ්‍රාම වයස අඩු කොට මේ වසර අවසාන වන විට විශාල රජය සේවකයන් පිරිසක් සේවය නිම කිරීමේ ක්‍රියාදාමයකට ඇතුලත් කොට තිබේ.

එවන් මොහොතක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අමාත්‍යංශය යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරියේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂකවරුන් සඳහා ආයතනික වාහන තිබියදී අති විශාල රාජ්‍ය මුදල් විනාශයක් කරමින් ‘කුලී පදනම’ යටතේ කාර් රථ ලබාගැනීමට ඉල්ලුම් කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ සඳහා කුලී පදනම යටතේ කාර් රථ ලබාදීමට හැකි සැපයුම්කරුවන්ට ඒ සඳහා ඉල්ලුම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරනු ලබන්නේ සේවක කප්පාදු, වැටුප් වැඩි නොකිරීම්, අධික ජීවන වියදමෙන් බැටකන ජනතාවක් වෙසෙන රටක වීම කණගාටුවට කරුණකි.

අදාළ ‘කුලී පදනමට’ කාර් රථ ඉල්ලීමේ නිවේදනය මෙසේයි…

Newspedia 02

Related post