ශ්‍රීලංකන් ගුවන් සේවයට යානා 11ක් ගන්න කැබිනට් අනුමැතිය!

 ශ්‍රීලංකන් ගුවන් සේවයට යානා 11ක් ගන්න කැබිනට් අනුමැතිය!

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 11ක කල්බදු කාලය ලබන වසරේ අවසන් වීමට නියමිත බැවින් ඒ වෙනුවට මෙම ගුවන් යානා 11ක් ගැනීමට සැලසුම වී ඇති බව ශ්‍රීලංකන් සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

“මෙහෙයුම් ලාභය අද වනවිට මේ වසරේ රුපියල් මිලියන 6,000ක් තියෙනවා. ඊළඟ වසර වනවිට ලීසිං කාලය පිරීම නිසා ගුවන් යානා 9ක් 11ක් අතර ප්‍රමාණයක් අපෙන් යනවා. කැබිනට් මණ්ඩලය විසින් අප වෙත අනුමැතිය ලබාදුන්නා ඉවත්වයන ගුවන්යානා වෙනුවෙන් ගුවන්යානා ලබාගැනීමට. ඉදිරි මාස 3ක් 4ක් තුළදී ගුවන්යානා 3ක් හෝ 4ක් අපගෙන් ඉවත්ව යනවා. ඒ නිසා අපගේ ප්‍රමුඛතාවය හිමිවන්නේ ඒ සඳහායි. නමුත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් අප විසින් විශ්ලේෂණයක් සිදුකර අපගේ ගුවන්සේවයට සහ රටට උචිත ආකාරයට ක්‍රියාකරනවා.”

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී අශෝක් පතිරගේ මහතා මේ බව සඳහන් කළේය.

Newspedia 02

Related post