තැපෑලත්, පෞද්ගලික අංශයට ආරාධනා කරයි!

කෙටි කාලීනව ආයෝජනයක් සඳහා එක්වන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට ආරාධනා කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ තෝරාගත් අංශ කිහිපයකට පමණක් පෞද්ගලික අංශයේ අදාළ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පවසා සිටියේය.
මතුගම තැපැල් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.