ජාතික ප්‍රතිපත්ති ගැන තීරණ ගන්න නව කොමිෂන් සභාවක්!

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් නව ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම මෙහි අරමුණ බව වාර්තා වේ.
පසුගියදා පැවති කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත.
ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සඳහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.