රනිල් වික්‍රමසිංහ ‘හංසයා’ගෙන් ජනාධිපතිවරණයට?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ‘හංසයා’ ලකුණින් තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව කීවේය.
“මම අනාවැකියක් විදියට කියනවා ඉදිරි ජනාධිපතිවරණය හංසයා ලකුණින් තරග කරන්න ඔහු සූදානම් වෙන බව. ඒ සඳහා උතුරට බලය බෙදීම ගැන කතා කරනවා. ඒ උතුරේ අය සන්තෝෂ කරන්න. හංසයා ලකුණින් ආණ්ඩුවේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් ඔහුගේ චාටු කතාවලින් තවදුරටත් ජනතාව රවට්ටන්න එන්න එපා. ජනතාව ජීවත් කරවීමේ වැඩසටහනකට යන්නයි වුවමනා. එවැන්නකට සමගි ජන බලවේගය අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.”
අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී