UNP ආසන සංවිධායක අයදුම්පත් දහසකට වැඩියෙන් ඇවිත්ලු!

2023 වසර සඳහා නව ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය පසුගියදා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලදී.
ඒ අනුව එම සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත් දහසකට අධික අයදුම්පත් ලැබී ඇති බව එම පක්ෂය පවසයි.
අදාළ සම්මුඛ පරික්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර සම්මුඛ පරීක්ෂණ මණ්ඩල කිහිපයක් ඔස්සේ අදාළ තෝරාගැනිම් සිදුකිරීමට නියමිත බවත් තෝරා ගන්නා නව ආසන සංවිධායකවරුන් ජනවාරි 01 සිට වසරක කාලයක් එම ධුර වල කටයුතු කිරීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
පක්ෂයේ හිටපු ඇතැම් ආසන සංවිධායකවරුන් පක්ෂය හැරයාම ඇතුළු විවිධ කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් මෙම නව ආසන සංවිධායකවරුන් තේරීම සිදුකර තිබේ.