විස්සයි විස්ස ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ගැන විශේෂ විමර්ශනයක්!

ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කර තිබේ.
විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවට සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත්ව සිටිති.
එහි සෙසු සාමාජිකයින් ලෙස
- හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා,
- විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා,
- විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා,
- හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා,
- නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය
ඇතුළත්ව සිටිති.