වරාය අධිකාරියේ දූෂණ වංචා සොයන්න කමිටුවක්!

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිදුව ඇති බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව වාර්තා වේ.
එම කමිටුව සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් සමන්විත වන බවත් ඒ සඳහා එම්.ඩී.එස්.ඒ. පෙරේරා, ගාමිණි කුමරසිරි හා කේ.ජී.පී.වසන්ත ගමගේ යන මහත්වරුන් පත් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ, ලේකම් කේ. ඩී . එස් . රුවන් චන්ද්‍ර මහතා පවසන ලදී.
ඒ අනුව මෙම කමිටුව වෙත අධිකාරියේ සිදුව ඇතැයි කියන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ට මෙන්ම අනෙකුත් පාර්ශවලට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
එම පැමිණිලි සියල්ල විමර්ශනය කර මාස 6 ක් ඇතුළත කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදිමට නියමිත බව අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.