මෝටර් රථයක සිරවී සිටි සිසුවෙකු මරුට..

පැය තුනකට අධික කාලයක් මෝටර් රථයක් තුළ සිරවී සිටී 17 හැවිරිදි සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
පිළියන්දල මාම්පේ ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සඳුන් නින්සර නැමැති සිසුවෙක් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය සිසුවාගේ මව අනෙක් නිවුන් දරුවා සමග ජයවර්ධනපුර රෝහලට ගොස් ඇති අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය වූ දින නිවසේ සිට ඇත්තේ මියගිය දරුවා පමණක් බවත් පොලිසිය පැවසීය.