ඛනිජ වැලි සභාපති කරපු වංචාවන් විගණනයෙන් හෙළිවේ.

ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිවරයාගේ වාහනය බව කියන වාහනයක් මගින් ඉන්ධන ටැංකියේ ධාරිතාවය වඩා වැඩියෙන් අවස්ථා ගණනාවක දී ඉන්ධන ලබාගැනීම ඇතුළු තවත් වංචා රැසක් සිදු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, අදාළ වාහනයේ ධාරිතාව ලීටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදිම ලීටර් 100ක් බැගින් ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ඔහු තමන්ගේ වාහනයට අමතරව වෙනත් වාහනවලටද ඔහුගේ නමින් ඉන්ධන ලබාගෙන ඇති බවටද අනාවරණය වි තිබේ.
රාත්‍රි කාලයේදිත් දුරබැහැර ගමන් වලදිත් සුපර් ඩීසල් ලබාගැනිමේ අපහසුතා මතුවන නිසා බූලිවලට ඉන්ධන ලබාගත් නිසා මෙසේ ටැංකි ධාරිතාව ඉක්මවා ඇතැයි සමාගම් කළමණාකාරිත්වය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
එම විගණන වාර්තාවට අනුව රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අනුව රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකුට එක් වාහනයක් සඳහා මසකට ලබාගත හැක්කේ ඉන්ධන ලීටර් 150ක් පමණක් වන නමුත් මෙම සභාපතිවරයා ඊට පටහැනිව රුපියල් 11,35, 748ක් වටිනා වැඩිපුර ඉන්ධන ලිටර් 8133ක් ලබාගෙන තිබේ.