මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 56 කට ස්ථාන මාරුවීම්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී ස්වාධීන කොමිෂන් සභා ඉවත් කිරීමත් සමඟ අධිකරණ සේවයේ පත් කිරීම්, ඉවත් කිරීම් හා ස්ථාන මාරු පිළිබඳව තීරණය ගනු ලැබූ අධිකරණ සේවා කොමිෂන් සභාවද බල රහිත විය.
නමුදු නැවත වතාවක් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා පිහිටවනු ලැබූ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය කාලය තුළ නිසි ලෙස සිදු නොවූ අධිකරණ සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ විනිසුරුවරුන් මහෙස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහෙස්ත්‍රාත්වරුන් 56දෙනෙකු සදහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ලබන වසරේ දෙවන දින (ජනවාරි 02) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ අතර පරිහරණය සඳහා විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට ලබා දී ඇති මෝටර්රථ සුරක්ෂිතව භාවිත කර නැවත අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
නව චක්‍රලේඛයක් නිකුත් කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන් වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.