බදු ෆයිල්වලට දුන් සහන කාලයට හේතුව හෙළිවේ.

ආදායම් බදු වාර්තා ගොනු කිරීමට තවත් සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. මෙම සහන කාලය ලබා දීමට හේතුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින අභ්‍යන්තර ගැටළුවක් බව අද (1) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.

ඒ අනුව,

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගැනීම  හා සම්බන්ධ පරිගණක මෘදුකාංගයක් කිසියම් තදබද තත්වයක් හේතුවෙන් හදිසියේ  අක්‍රීයවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (1)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා මේ සම්බන්ධයෙන් මතු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“ඉතා වැදගත් කාරණාවක් මම මේ කියන්නේ. ආදායම් බදු  ඇතුළත්  කරන මෘදුකාංගය අක්‍රිය වෙලා තියෙනවා. මේක හිතා මතා කරපු දෙයක්ද දෙයක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා එහි වැඩකටයුතු නැවතිලා තියෙනවා.  මේකේ ඇත්ත තත්වය දැනගන්න කැමතියි.”

ජේ.සී. අලවතුවල, සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

“මෙතුමා මතුකරපු කාරණය  ඇත්ත. ඊයේ දිනය වනවිට සියලු දෙනා ආදායම් බදු වාර්තා ලබාදීම කළ යුතුව  තිබුණා.  මේ නිසා එම මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා.  අද දිනයේ දී පුද්ගලික ආදායම් බද්ද ,සමාගම්  බද්ද හවුල් ව්‍යාපාර බද්ධ බද්ද  ආදී බදු රිටර්න්ස්  ෆයිල් කළ යුතුව තිබුණා .මේක කඩාකප්පල් ක්‍රියාවක් නොවෙයි. මේ තදබදය අපි හඳුනා ගෙන තියෙනවා. ඊට විසඳුමක් හැටියට බදු ලිපිගොනු ඉදිරිපත් කිරීමට  අපි සතියක කාලයක් ලබා දෙනවා. ඒ වගේම එම තොරතුරු බාරදීම   නොවැම්බර් මස 20 වැනිදා ලෙස සලකන ලෙසත්  දැනුම් දීලා තියෙනවා. මේ  කාලය තුළ කිසිම දඩයකට යටත් කරන්නේ නැහැ.”

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

Newspedia 01

Related post