පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් තැඹිලි පැහැ ගනී.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් තැඹිලි පැහැ ගනී.

අද (01) පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරියන් තැඹිලි පැහැති සාරියෙන් සැරසී සිටිනු දක්නට ලැබිණ.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ද තැඹිලි පැහැති සාරියකින් සැරසී සිටිනු දක්නට ලැබුණු අතර, මන්ත්‍රීවරියන්ගේ අඳින පළඳින ආකාරය ගැන අවධානය යොමු කළ සභානායක සුසිල් ප්‍රේමජයන්ත් ඒ පිළිබඳව විමසා තිබේ.

“අද කාන්තා මන්ත්‍රීවරියන්ගේ ඇඳුම් පැළඳුම් රටාව පිටුපස යම් විශේෂත්වයක් තිබෙන්න පුළුවන්,”

ඊට පිළිතුරු දුන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පැවසුවේ ‘තැඹිලි සාරි’ කාන්තා හිංසනය වැළැක්වීමේ ව්‍යාපාරයේ කොටසක් බවය.

Newspedia 01

Related post