ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමැතිට ආන්දෝලනාත්මක ලිපියක්

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ආන්දෝලනාත්මක ලිපියක් යොමු කර තිබේ.
ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම සම්බන්ධයෙන් මේ ලිපිය යොමු කර ඇතැයි වාර්තා වේ,
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදාල ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවත් චාමික සම්බන්ධ සියලුම සිද්ධීන් එම ලිපියේ සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් එම සිද්ධි සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පනවා ඇති බැවින් විටින් විට ඒ සම්බන්ධයෙන් විමසීමෙන් ක්‍රීඩකයාගේ අනාගතයට හානියක් වන බව ද වික්‍රමසිංහ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.